විමර්ශනාත්මකව ජ්‍යොතිෂය දෙස බැලීම

ඒ නිසා ජ්‍යොතිෂය පිළිබඳව විශ්වාසයෙන් හෝ අවිශ්වාසයෙන් පමණක් නොව, කුතුහලයෙන් හා විමර්ශනාත්මකවද බලන්න.

මෙහි ඉදිරියට මා උත්සාහ කරන්නේ, ජ්‍යොතිෂය පිළිබඳව මා ලබාගත් දැනුම හා අත්දැකීම් අනුව, සාමාන්‍යයෙන් කෙනෙකුට තම ජන්ම කේන්ද්‍රය දෙස බලන විට නොපෙනෙන කරුණු කිහිපයක් සරලව පැහැදිලි කර දීමටය.

ජන්ම කේන්ද්‍රය යනු කුමක්ද?

ජ්‍යොතිෂය පිළිබඳව කතා කරන විට මුලින්ම අපට හමුවන වචනයක් වන්නේ “ජන්ම කේන්ද්‍රය” යන්නයි.

සරලව කිවහොත්, කෙනෙකු උපන් ස්ථානය, උපන් දිනය සහ උපන් වේලාව පදනම් කරගෙන, එම අවස්ථාවේ පැවති ග්‍රහ පිහිටීම් හා ඒවා අතර ඇති සම්බන්ධතා ගණනය කර සකස් කරන සටහනක් ජන්ම කේන්ද්‍රයක් ලෙස හඳුන්වනු ලැබේ.

පිටුව 5 / 12